Wednesday 23 October 2013

චතුරශ්‍රකාර චෛත්‍යය

චතුරශ්‍රකාර චෛත්‍යය
දැනට සොයා ගෙන ඇති තොරතුරු වලට අනුව ලෝකයේ චෛත්‍යය වර්ග, එනම් චෛත්‍යය හැඩයන් අට වර්ගයකී. එනම්,
1. අෂ්ඨාකාර චෛත්‍යය
2. ධාන්‍යාකාර චෛත්‍යය
3. චතුරශ්‍රකාර චෛත්‍යය
4. පද්මාකාර චෛත්‍යය
5. ඝාණ්ඨාකාර චෛත්‍යය
6. අම්ලාකාර චෛත්‍යය
7. බුබ්බුලාකාර චෛත්‍යය
8. ඝටාකාර චෛත්‍යය
යන අට වර්ගයයි. මෙම චෛත්‍යය වර්ග අටම එකම ස්ථානයකදී දැක ගත හැකි ස්ථානයක් මා පසුගියදා කරන ලද සංචාරයකින් පසු හමු උනා. එම ස්ථානය පිහිටා ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් වරුණගමයි. ඒ 5 වන ගැමුණු හේවා බල ඇණි භූමියේය. 5 වන ගැමුණු හේවා බල ඇණිය පිහිටා ඇත්තේ වැල්ලවාය නගරයේ සිට බුත්තල දෙසට  කිලෝමීටර් 3 1/2 ක් පමණ ගිය විටයි.

යුධහමුදා සේබළුන්ගේ සහ දායක දායිකාවන්ගේ ආධාර උපකාරයෙන් මෙම දාගැබ් නිර්මාණය කර ඇත. ඔබට මෙම දාගැබ් නැරඹීම සහ වන්දනාමන කල හැකි අතර ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය නම් 5 වන ගැමුණු හේවා බල ඇණියේ අණදෙන නිළධාරිතුමන්ගෙන් අවසරයක් ලබා ගත යුතුයි. දුරකතන අංකය: 011 3188231

මෙම ලිපිය අන්තර්ජාලයේ පල කිරිම සදහා ඡායාරූප ලබා ගැනීම සදහා අවසර ලබාදීම සම්බන්ධයෙන් 5 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරිතුමා ඇතුළු සෙසු සියළුම නිළධාරිතුමන්ලා සහ සෙබලුන්ට මාගේ ස්තුතිය මෙයින් හිමිවේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.10.21 දිනයි.

No comments:

Post a Comment