Showing posts with label Okkampitiya. Show all posts
Showing posts with label Okkampitiya. Show all posts

Tuesday, 29 January 2013

අළුලෙන අරණ්‍ය සේනාසනය -මාළිගාවිල

බුදු මැදුර
 අළුලෙන අරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් මාළිගාවිලය. මාළිගාවිල සුප්‍රසිද්ධ දඹේගොඩ බෝසත් පිළිමය සහ මාළිගාවිල පිළිමය අසෙන්නයේ ඇත් මාර්ගයේ කිලෝමීටර් 8 ක් පමණ අති දුෂ්කර මාර්ගයක ගමන් කිරිමෙන් පසු මැණික් ගග අසබඩ, මැණික් ගං ඉවුරේ උස් ස්ථානයක පිහිටි කටාරම් කෙටු ගල් ලෙනක් ආශ්‍රිතව ගොඩනගා ඇති ආරණ්‍ය සේනාසනයකී.

බෝධිය
 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින දිය.

අරණ්‍ය සේනාසනයේ ලිපිනය:
අළුලෙන අරණ්‍ය සේනාසනය,
දඹේගොඩ,
මාළිගාවිල.

දුරකතන අංකය:
055 5613552


අළුලෙන අරණ්‍ය සේනාසනයට
පිවිසාමට ඇති මග

බුදු පිළිම වහන්සේ

කටාරම් සහිත ලෙන් කුටියක්

කටාරම් සහිත ලෙන් කුටියක්

ගල් කණුවක්

සැලකිය යුතුයි: මෙම ස්ථානයට ලගාවීම පිණිස අති දුෂ්කර මාර්ගයක ගමන් ගත යුතු බැව්න් 4WD වාහනයක් හෝ ට්‍රැක්ටරයකින් පමණක් මෙම ස්ථානයට යා හැකි බැවින්, මාර්ග අපහසු දුෂ්කර බැවින් මෙම ස්ථානයට යෑමට පෙර දෙවරක් සිතා ගමන් කිරිම යෙහෙකැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔබගේ ආධර උපකාර අවශ්‍ය දුෂ්කර ස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දිනයි.

මාළිගාවිල පුරාණ රජ මහා විහාරය - ඔක්කම්පිටිය

ඉදිවෙමින් පවතින
චෛත්‍යය
මාළිගාවිල සුප්‍රසිද්ධ දඹේගොඩ බෝසත් පිළිමය සහ මාළිගාවිල පිළිමය යන පිළිම පිහිටා ඇති භූමියෙහි, මෙම මාළිගාවිල පුරාණ රජ මහා විහාරය පිහිටා ඇත. මාළිගාවිල, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය. 

ඉදිවෙමින් පවතින
චෛත්‍යය

ඉදිවෙමින් පවතින
චෛත්‍යය

බෝධිය
ගරු උණපානේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ

ඡායාරූප 2013.01.28 දින දි.

Thursday, 29 November 2012

Dematamal Viharaya - Okkampitiya

ඓතිහාසික දෙමටමල් විහාරය
 - ඔක්කම්පිටිය

ප්‍රතිසංස්කරණය කර ඇති
චෛත්‍යයය
ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ඔක්කම්පිටියේය. බුත්තල මං සන්දියේ සිට කතරගම දෙසට ඇති මාර්ගයේ මීටර් 15 ක් පමණ ගිය විට හමු වන හන්දියෙන් වමට ඇති මාර්ගයේ (බුත්තල - ඔක්කම්පිටිය මාර්ගය) කිලෝමීටර් 6 ක් පමණ ගිය විට හමු වන හෙලගම නම් වු ස්ථානයේ පිහිටා තිබේ. මනරම් වු කදු ගැට වලින් වටවු කුඹුරු යායක් මධ්‍යයේ මෙම ‍ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය පිහිටා ඇත.

චෛත්‍යයේ
 යූප කණුව
දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රිස්තු පුර්ව 307-267) දෙවන මල්ලී වු මහානාග කුමරු විසින් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානය ඉදි කර ඇති බව ඉතිහාසය කියාපායි. එනම් දෙටුමල්ගේ විහාරස්ථානය > දෙමටමල් විහාරස්ථානයයි.

දෙමටමල් විහාරස්ථානයේදී සිදුවු ඉතිහාස ගත විශේෂ සිදුවීමක් වුයේ; යුදගනාවේදී දුටුගැමුණු කුමාරයා සහ තම මල්ලී වු සද්ධාතිස්ස කුමරු අතර දරුණු සටන් ඇතිවුහ. ඉන් පසු බැස්ස සද්ධාතිස්ස කුමරු දුටුගැමුණු කුමාරයාට බියෙන් මෙම ඓතිහාසික දෙමටමල් විහාරස්ථානයෙහි සැගවුණු බව ඉතිහාසයේ සදහන්ය. මෙසේ මෙම දෙදෙනා යුධ වැදිමට හේතු වුයේ කාවන්තිස්ස රජුගේ මරණින් පසු රජකම උරුමව තිබුණේ දුටුගැමුණු කුමාරයාටයි. එහෙත්. කාවන්තිස්ස රජු මිය යන විට, දුටුගැමුණු කුමාරයා ජිවත් වුයේ කොත්මලය ප්‍රදේශයේය. සද්ධාතිස්ස කුමරු කාවන්තිස්ස රජුගේ මරණින් පසු විහාර මහා දේවිය සහ කඩොල් ඇතු තමා සන්තකයට ගෙන තිබීමයි.

උස් වේදිකාවක්
මත චෛත්‍යයය
ඉදි කර ඇති ආකාරය
පළමු යුද්ධයෙන් දුටුගැමුණු කුමරු පැරදි පලා ගියත් දෙවන යුද්ධයෙන් සද්ධාතිස්ස කුමරු පැරදී දුටුගැමුණු කුමරුට බියෙන් දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු එහි ඇදක් යට සැගවිනි. සද්ධාතිස්ස කුමරු සොයා යන දුටුගැමුණු කුමාරයා මේ, දෙමටමල් විහාරස්ථානයට පැමිණ සද්ධාතිස්ස කුමරු  එහි ඇතැයි යන සැකයෙන් එහි භික්ෂුන් වහන්සේගෙන් සද්ධාතිස්ස ඉන්නවාදැයි ඇසිය. එවිට එහි භික්ෂුන් වහන්සේ දුන් පිළිතුර වුයේ "රජතුමනි, සද්ධාතිස්ස කුමරු ඇදෙහි නැත" යන්නයි. 

පැරණි නටඹුන්
එම පිළිතුරෙන් සද්ධාතිස්ස කුමරු එහි ඇති බව දැන ගෙන දෙමටමල් විහාරය වටා රැකවල් තර කොට තමාද රැක ගෙන සිටියේය.

ටික වේලාවකින් සමනේර වරු හතරදෙනෙක් විසින් මියගිය හිමි නමක් ලෙසින් ඇදක් කර මත තබා සද්ධාතිස්ස කුමරු මෙම විහාරස්ථානයෙන් එලියට රැගෙන යන ලදි. පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙදෙනා සමදානයට පත් කරන ලදී.

ජෝඩු මුරගල
මෙම විහාරස්ථානයේ නටඹුන්ව තිබු චෛත්‍යය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1990 දී වන අතර, එම ප්‍රතිසංස්කරණයේදී චෛත්‍යයේ ඉහල යූප කණුව දැක බලා ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර ඇත. දාගැබ් මලුවේ දාගැබ වටා අටපට්ටම් වන ලෙසට ගල් අතුරා ඇත. අවට භූමියට වඩා උස්වු මළුවක් නිර්මාණය කර ඒ මත චෛත්‍යය ඉදි කර ඇත. 

මෙම විහාරස්ථානයේ තිබු පරණි බෝධි ඝරයක් හමුවී එහි කැණීම් කටයුතු කරද්දී, විශාල ප්‍රමාණයේ මුට්ටියක් (පාත්තරයක්) එහි තිබි හමුවී ඇති අතර එම පාත්තරයට යටින් නිදන් වස්තු ලැබි තිබේ. මෙයින් පෙනෙන්නේ එහි නිදන් වස්තු තැම්පත් කර ඒ මත පාත්තරයේ රෝපිත බෝධියක්, පාත්තරය පිටින්ම එහි රෝපණය කර ඇති බවයි.

ජෝඩු මුරගල
විහාරස්ථාන‍ භූමියේ බෝධින් වහන්සේලා කිහිප නමකී. එසේම ගල් උළුවස්සක්ද විහාර භූමියේ දක්නට ලැබේ. පැරණි පොහෝය ගෙය මත ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර පැරණි ගල් කණු එලෙසම පවතියි. එසේම උඩු මහලකට යාම සදහා යොදාගත් තරප්පු පේලියක් අදත් දක්නට ලැබේ. මෙම පැරණි උපෝසථාගාරයේ උඩු මහලේ එක් වකවානුවකදී දන්ත ධාතුන් වහන්සේ මෙහි තැම්පත් කර තිබු බව පැවසේ ( මේ බව සංඝදාස නිශ්ශංක මහතාගේ "වෙල්ලස්සේ දළදා රැක වරණය" නැමැති පොතේ 38 වන පිටුවේ සදහන්ය)

පැරණි නටඹුන්
මෙම විහාරස්ථාන‍ය අවට බොහෝ පුරාවිද්‍යාත්මක හා පැරණි ඉදි කිරිම් දක්නට ලැබේන අතර ඒ අතර, කුටි, බෝධිඝර, දාගැබ, පොහෝය ගෙය, බෝධි වෘක්ෂ 2 සහ මුරගල් හා ගල් කණු ප්‍රධානවේ.

මෙම විහාරස්ථාන භූමියේ එක් අන්තයකට වන්නට ඇති ගොඩනැගිල්ලකට පිවිසෙන ස්ථානයේ ඇති මුරගල ජෝඩු මුරගලකී. දෙමටමල් විහාරස්ථානය අවට නාෂ්ඨවශේෂ දෙස බැලීමේදි, මෙම ස්ථානය පංචාවාස සහිත විහාරස්ථානයක්ව පැවැති බව පෙනේ. එනම්, දාගැබ, පිළිම ගෙය, බෝධිඝරය සහ ධර්ම ශාලාව.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින දීය

මුරගලක්


මුරගලක්

විහාර ගේ

ගල් උළුවස්සක්

රජකුගේ යැයි විශ්වාස කල
හැකි පිළිමයක හිස කොටස

බෝධි වෘක්ෂයක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින දී.

Tuesday, 27 November 2012

Galtemmandiya Poorana Viharaya - Okkampitiya

ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය
 - ඔක්කම්පිටිය

චෛත්‍යය
ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල ද්ස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටියේය. ඔක්කම්පිටිය මං සන්දියේ සිට මාලිගාවිල දෙසට කිලෝමිටර් 1 1/2 පමණ ගොස් ඇල සමග වමට ඇති ගුරු පාර දිගේ කිලෝමීටර් 2 ක් පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැක.

මෙම විහාරස්ථානය අවට ඇති විශාල ගල් කණු රාශියක් නිසා, අවට ගල්ටැම්මණ්ඩිය ලෙසට ප්‍රසිද්ධය.

සිරිපතුල් ගලක්
මෙහි පුරාණ අවධියක වන්දනාමාන කිරිම සදහා භාවිතයට ගැනුනු සිරිපතුල් ගල් කිහිපයක් තිබේ. එසේම විහාරස්ථානයේ පිළිම ගෙට පිවිසෙන පිය ගැට පෙල ආසන්නයේ ගිනි දැල් විහිදු වන ආකාරය නිරුපිත සදකඩ පහනකී. මෙම සදකඩ පහණ ඉතා දුර්ලභ ගණයේ සදකඩ පහණකී. වෙනත් සදකඩ පහන් මෙන් මෙහි කිසිදු සත්ව රූපයක් දක්නට නොලැබේ.

ගිනි දැල් විහිදු වන
 ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගිනි දැල් විහිදු වන
ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගල් භාජනයක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ පිළිමයක්

චෛත්‍යය

බෝධිය

විහාරස්ථානයේ ඇති
තවත් සිරිපතුල් ගලක්

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ
භෂ්මාවශේෂ තැම්පත් කර ඇති ස්ථානය

විශාලව වැඩි ගිය බෝධින්
වහන්සේ නමක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින.