Showing posts with label Raja Maha Vihara. Show all posts
Showing posts with label Raja Maha Vihara. Show all posts

Thursday, 17 January 2013

ඇත්කද රජමහා විහාරය - කුරුණෑගල

ඝණ්ඨාර කුළුණ
ඇත්කද රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ, වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේය.කුරුණෑගල-මහනුවර මාර්ගයේ කුරුණෑගල නගරයේ සිට මීටර් 200ක් පමණ ගමන් කිරිමෙන්, පාරෙන් වම් අත පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත.

ඇත් කද රජමහා  විහාරස්ථානය දේවානම්පියතිස්ස රජුගේ මල්ලී කෙනෙක්වු (ක්‍රි:පු: 187 - 177) සුරතිස්ස නම් රජු විසින් කරවන ලද බවට විශ්වාස කරේ.

මෙම ඇත්කද රජමහා විහාරස්ථානය ලෙන් විහාර ගණයට වැටෙන විහාරස්ථානයකී. මෙහි ලෙන් විහාර දෙකකී.

චෛත්‍යයය
 මෙම විහාරස්ථානය සතුව ඇති බෝධිය අනුරාධපුර යුගය දක්වාම පැරණි යැයි පැවසේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දින

පැරණි දෙරක් සහ උළුවස්සක්

ලෙන් විහාරයක ඇති සැතපෙන
 පිළිම වහන්සේ

‍එක් ලෙන් විහාරයක්

ගල් කැටයමක්

ධර්ම ශාලාවේ අභ්‍යන්තරය

සදකඩ පහණක්

ගල් කැටයමක්

ගල් කැටයමක්

කොරවක් ගලක්

ලෙන් විහාරයක්

තවත් ලෙන් විහාරයක්

ලෙන් විහාරයක ඇතුලත

අභිනව විහාර ගේ

ගල් කැටයමක්

ඉපැරණි අනුරාධපුර යුගයට
අයත් බෝධිය

ධර්ම ශාලාව

අභිනව විහාරය තැල ඇති
පිළිම වහන්සේ

Sunday, 6 January 2013

බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය - වැල්ලවාය


බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය
 බුදුරුවාගල සුප්‍රසිද්ධ පිළිම පිහිටා ඇත්තේ වැල්ලවාය නගරයේ සිට තණමල්විල දෙසට යාමේදී කිලෝමීටර් 4 ක් පමණ පැමිණි තැන හමුවන බුදුරුවාගල හන්දියෙන් වමට ඇති මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ යායුතුයි. ඒ යන අතරතුර බුදුරුවා ගල පිළිම වලට ප්‍රවිශ්ඨවීමට ප්‍රථම මෙම බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය හමුවේ. 

උස්වු වේදිකාවක් මත
 හතරැස්වු කොටුවක් මත
 ඉදිකර ඇති චෛත්‍යය
 උස්වු වේදිකාවක් මත හතරැස්වු කොටුවක් මත ඉදිකර ඇති චෛත්‍යයකී. දැනට ගරා වැටි පුරා විද්‍යායා දෙපාර්තමේන්තුව මගින් පදා ගෙන තහවුරු කර ඇත. ඊට අමතරව අවට විහාර සංකීර්ණයක නටඹුන්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

ගල් උළුවස්සක්

චෛත්‍යයේ යූප කණුව

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

කොරවක් ගල්

සදකඩ පහණක්

Thursday, 3 January 2013

ශෛල්ලබා රජ මහා විහාරය - වැල්ලවාය

අළුතින් ඉදි වන බුදු පිළිමය
 ශෛල්ලබා රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ. මොණරාගල දිස්ත්‍රික්කයේ. වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය.  වැල්ලවාය-තණමල්විල මාර්ගයේ කිලෝමීටර් 315-316 කණු අතර පිහිටි  හන්දියෙන් හැරි කිලෝමීටර් 1 1/2 ක් යා යුතුයි.

මෙම විහාරස්ථාවය පුරාණයේදී "ගල් බුදු තැන්න" යැයිද භාවිතා වු බවට පත පොතෙහි සදහන්වේ.

විහාර සංකීර්ණයට යාම
සදහා ඇති පඩි පේලිය
 නටඹුන් වු විහාරාම සංකිර්ණය ආසන්නයේ "බතල ආර" නම් කුඩා දිය පහරක් ගලා බසියි.

මෙම විහාර සංකීර්ණයේ ඇති චෛත්‍යය කුඩා පුමාණයේ නටඹුන්වු චෛත්‍යයක් වන අතර, චෛත්‍යය අවට භූමියට වඩා උස්වු වේදිකාවක් මත නිර්මාණය කර ඇත. එසේම මෙම චෛත්‍යයට පිවිසීම සදහා දිශා දෙකකින් පිවිසුම් පඩි පෙල දෙකක් වේ. පඩි පෙල මුල මුරගල් දෙකකී. මුරගල් බෝ කොළයක හැඩය ගන්නා අතර, කිසියම්ම රූප එහි නෙලා නැත. සමතලය.

විහාර සංකිර්ණයේ පිවිසුම
 චෛත්‍යයේ යුප කණුව හොදින් පෙනේ. එසේම චෛත්‍යයේ චත්‍රය යැයි විශ්වාස කල හැකි, කැඩි බිදි ගිය වෘතාකාර ගලක් චෛත්‍යය ඇති උස්වු වේදිකාව මත තබා තිබේ. චෛත්‍යය සහිත උස්වු වේදිකාවේ බැම්ම ඇත් පවුරක් සහිත වු බවට විශ්වාස කල හැකි කොටස් තිබේ.

විහාර සංකිර්ණයේ ඇති ගල් කණු

බෝධිය

විහාර සංකිර්ණයේ ඇති ගල් කණු

චෛත්‍යය

චෛත්‍යය

අළුතින් ඉදි වන බුදු පිළිමය

චෛත්‍යයේ චත්‍රය

ඇත් පවුර

කැඩි බිදි ගිය පිළිමයක්

කැඩි බිදි ගිය පිළිමයක්

ගල් කණුවක්

ජල භාජනයක්

චෛත්‍යයේ යුප කණුව පෙනෙන අයුරු

මුර ගලක්


ගරු මොණරාගල සුමනතිස්ස ස්වාමින් වහන්සේ

විහාරස්ථානයේ ලිපිනය:
ශෛල්ලබා රජ මහා විහාරය,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.














Saturday, 1 December 2012

Gal Viharaya - Polonnaruwa

ගල් විහාරය - පොළොන්නරුව

පොළොන්නරුවේ ඇති ගල් විහාරය පුරාතනයේදී "උත්තරාරාමය" ලෙසින් හදුන්වනු ලැබීය. ගල් විහාරය, 1 වන පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1153-1186) රජතුමා විසින් බදි කරන ලදී. විශාල ගල් පර්වතයක මුහුණත උපයෝගී කර ගෙන හිදි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් යන පිළිම සහිත භුමිය ගල් විහාරය වශයෙන් හදුන් වනු ලැබේ. මෙම පිළිම සහිත ගල් පර්වතයේ දිග මීටර් 27 ක් වන අතර උසම ස්ථානයේ උස මීටර් 10කී. ගල් පර්වතය මැද උස් වන අතර දෙපැත්තම මැදට වඩා මදක් උසින් අඩුයි.

විද්‍යාධර ගුහාව

සමාධි හිදි පිළිමය
විද්‍යාධර ගුහාව
මෙහි ඇත්තේ භාවනායෝගීව සිටින සමාධි හිදි පිළිමයකී. බුද්ධ රූපයේ හිසට පිටුපසින් රශ්මි මාලාව (ප්‍රභා මණ්ඩලය) නිරූපණය කර ඇත. එසේම පිළිම ඇති ආසනයේ සිංහ රූප  සහ ව්‍රජ මෝස්තර වලින් සමන්විතවේ. ප්‍රධාන පිළිමයේ ශිර්ෂය දෙපස කුඩා ප්‍රමාණයේ බුද්ධ රූප හතරක් කුටි සතරක නිරූපණය කර ඇත. මෙම කුටි හතරේ ඇති බුද්ධ රූප වලින් නිරුපණය වන්නේ, ------- යන බුදු වරුන්ය. එසේම විශ්වයේ සතර කොන මෙයින් නිරූපණයවේ යැයිද විශ්වාස කරනු ලැබේ.

නිස්සන්න පටිමා ගෘහය

සමාධි බුද්ධ ප්‍රතිමාව
නිස්සන්න පටිමා ගෘහය
ගල ඇතුලට ගුහාවක ආකාරයට සාරා මෙම ගුහාව ඉදි කර ඇති අතර මෙහි ද සමාධි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර , එම ප්‍රතිමාව කුඩයක් යට ඇති සේ නිර්මාණය කර ඇති අතර විජිනි පත් දැරු දෙදෙනෙක් බුදු පිළිමය දෙපසවේ. බුදු පිළිමයේ ශිර්ෂය දෙපස බ්‍රහ්ම දෙවියන්ගේ හා විෂ්‍ණු දෙවියන්ගේ රූප නෙලා ඇත. එසේම මෙම නිස්සන්න පටිමා ගෘහයේ බිත්ති පුරාණයේදී චිත්‍ර තිබි ඇති අතර අදත් මැකි ගිය චිත්‍ර කිහිපයක් දැක බලා ගත හැක.
විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

විජිනි පත් දැරුවෙක්
නිස්සන්න පටිමා ගෘහය

පුරාණ චිත්‍රයක්
නිස්සන්න පටිමා ගෘහය

නිස්සන්න පටිමා ගෘහය
සෙල් ලිපිය

සෙල් ලිපිය
නිස්සන්න ප්‍රතිමා ගෘහය සහ හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය අතර විශාල ප්‍රමාණයේ සෙල් ලිපියක් දක්නට ලැබේ.

හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය
හිටි පිළිමය
හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය

අඩි 22 ක් හා අගල් 9 ක් උසැති හිටි පිළිමයක් මෙහි ඇත. මෙම පිළිමයෙහි අත් හරස් අතට තබා ගෙන සිටින අයුරින් නෙලා ඇත. මෙම බුදු පිළිමය ආනන්ද හිමියන්ගේ පිළිමයක් යැයි මතයක් තිබුනද මෙය, බුදු රජාණන් වහන්සේගේ පිළිමයක් යැයි ගෙන හැර දක්විය හැකි සාධක කිහියකී. 1. එකම පිළිමයක් පමණක් මෙම හිටි බුද්ධ ප්‍රතිමා ගෘහය තුල තිබීම. 2. බුදුන් වහන්සේගේ තිබු ඌර්ණ රෝම ධාතුව මෙම පිළිමයේ දක්නට ලැබීම. 3. බුදුන් වහන්සේගේ පිළිමයකට හැර වෙනත් පිළිම සදහා පද්මාසනයක් නිර්මාණය නොකිරීම සහ දිගු කන් පිළිමයේ නිර්මාණය කර තිබීම.

සැතපෙන පිළිම ගෘහය

සැතපෙන පිළිමය
සැතපෙන පිළිමය දිග අඩි 44 ක් සහ අගල් 4 කී. මෙම පිළිමය බුදු රජාණන් වහන්සේ සැතපී සිටින අයුරින් නෙලා ඇති පිළිමයකී. එනම් සිංහ සෙය්‍යවෙන් සැතපි සිටිම මෙයින් නිරූපණය වේ.

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමයේ
පාද

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමයේ
වම් අත

සැතපෙන පිළිමය
ඡායාරූප ගන්නා ලද්දේ 2011 ජුනි 29 වෙනි දින.