Showing posts with label Moonstone. Show all posts
Showing posts with label Moonstone. Show all posts

Tuesday, 27 November 2012

Galtemmandiya Poorana Viharaya - Okkampitiya

ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය
 - ඔක්කම්පිටිය

චෛත්‍යය
ගල්ටැම්මණ්ඩිය පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ, මොණරාගල ද්ස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටියේය. ඔක්කම්පිටිය මං සන්දියේ සිට මාලිගාවිල දෙසට කිලෝමිටර් 1 1/2 පමණ ගොස් ඇල සමග වමට ඇති ගුරු පාර දිගේ කිලෝමීටර් 2 ක් පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැක.

මෙම විහාරස්ථානය අවට ඇති විශාල ගල් කණු රාශියක් නිසා, අවට ගල්ටැම්මණ්ඩිය ලෙසට ප්‍රසිද්ධය.

සිරිපතුල් ගලක්
මෙහි පුරාණ අවධියක වන්දනාමාන කිරිම සදහා භාවිතයට ගැනුනු සිරිපතුල් ගල් කිහිපයක් තිබේ. එසේම විහාරස්ථානයේ පිළිම ගෙට පිවිසෙන පිය ගැට පෙල ආසන්නයේ ගිනි දැල් විහිදු වන ආකාරය නිරුපිත සදකඩ පහනකී. මෙම සදකඩ පහණ ඉතා දුර්ලභ ගණයේ සදකඩ පහණකී. වෙනත් සදකඩ පහන් මෙන් මෙහි කිසිදු සත්ව රූපයක් දක්නට නොලැබේ.

ගිනි දැල් විහිදු වන
 ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගිනි දැල් විහිදු වන
ආකාරය නිරුපිත
 සදකඩ පහන

ගල් භාජනයක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.06.09 දින

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ පිළිමයක්

චෛත්‍යය

බෝධිය

විහාරස්ථානයේ ඇති
තවත් සිරිපතුල් ගලක්

විහාරස්ථානයේ වැඩ සිටි
ස්වාමින් වහන්සේ නමකගේ
භෂ්මාවශේෂ තැම්පත් කර ඇති ස්ථානය

විශාලව වැඩි ගිය බෝධින්
වහන්සේ නමක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දින.

Wednesday, 22 August 2012

Ancient Ravana Ella Temple - Ella

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය - ඇල්ල

රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණා ඇල්ල හංදියට පැමිණ එහි දකුණට ඇති මාර්ගයෙන් කිලෝ මීටර එක හමාරක් පමණ ගිය විට රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයට ලගාවිය හැක. (ඒ අසලම කන්දේ ඇති පඩිපෙලින් ගිය විට රාවණා ඇල්ල ගුහාවට ප්‍රවේශ විය හැක.) රාවණා ඇල්ල විහාරස්ථානයේ විහාරය ගල් ලෙනක් තුල පිහිටා තිබේ. මෙම ගල් ලෙන් විහාරය වලගම්බා රජ දවස, වලගම්බා රජු විසින් ඉදි කරන ලදැයි ජනප්‍රවාදය කියයි. ලෙන් විහාරය ආවරනය පිණිස පැවති පැතලි උළු සෙවිලි කරන ලද වහලය දිරායාම නිසා දැනට කොන්ක්‍රිට් යොදා වහලයක් ලෙන ආවරණය පිණිස ඉදිකර තිබේ.

විහාර ගේ

බෝධිය

බෝධිය සහ විහාර ගේ

සදකඩ පහණක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012.08.20 දින.
















ලැගුම් ගේ
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.11 දිනයි.

රාවණාඇල්ල පුරාණ විහාරස්ථානයේ, ගල් ලෙන් විහාරය තුල ඡායාරූප ගෙන මෙම බ්ලොග් අඩවියේ පල කිරිම සදහා මා හට අවසර ලබා දෙන ලද ගරු ශ්‍රී සුමංගලාභිධාන ඌව දිසාවේ ප්‍රධාන සංඝනායක ගරු පුජ්‍ය රිල්පොල ඤණදේව ස්ථවිර (විහාරාධිපති - රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය) සහ රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු සුමණ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය.

Updated on 2013.03.18