Showing posts with label Wellawaya. Show all posts
Showing posts with label Wellawaya. Show all posts

Sunday, 31 March 2013

කිංකිණි රජමහා විහාරය - වැල්ලවාය

කිංකිණි රජමහා විහාරය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තණමල්විල (A-2) මාර්ගයේ කිලෝමීටර් 312 කණුව ඉදිරිපිටයි.

නටඹුන් වු දාගැබ

ඉපැරණි විහාරස්ථානයකී. පැරණි නටඹුන් අභිනව පිරිවෙන් විහාරස්ථානයට පිටුපසින් පිහිටා ඇත. නටඹුන්වු සෑය, ටැම්පිට විහාරස්ථානයක ගල් කණු දක්නට ලැබෙන අතර, පාදෝණියක් - පා සෝදා ගැනීම සදහා ගලින් නිර්මාණය කර ඇති බදුනක් වැනි ගල් උපකරණයක් නටඹුන් වු සෑය අසල දක්නට ලැබේ. නටඹුන් වු සෑය සෑමළු තුනකින් වටවී ඇත.

ටැම්පිට විහාරස්ථානයක ගල් කණු 

විහාරස්ථාන භූමියේ පිහිටා ඇති පත්තිනිගල දේවාලය විහාරස්ථානයට ඉදිරියෙන් A-2 මාර්ගයට ආසන්නව පිහිටා ඇත. කිංකිණි රජ මහා විහාරයේ සහ විහාරස්ථානය ආර්‍ශිතව ඇති පිරිවෙන විහාරාධිපති ගරු කේ. කෝලිත හිමියන්ගේ මග පෙන්වීම යටතේ දියුණ්වෙමින් පවතියි.

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිමයක්

නටඹුන් වු දාගැබේ මල් ආසනය

පැරණි පිළිම ගේ

පැරණි පිළිමයක්

පැරණි ගල් උපකරණයක්


පැරණි බෝධිය

විහාරස්ථානයේ ලිපිනය:
කිංකිණි රජමහා විහිරස්ථානය,
වත්ත,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Friday, 29 March 2013

කනබිසවාරාම රජ මහා විහාරය - වැල්ලවාය

කනබිසවාරාම රජ මහා විහාරස්ථානය, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් ඉපැරණි විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයේ, මුල් කාලයයේ ගොඩ නංවා ඇති විහාරස්ථානයකී. විහාරස්ථානයේ ඉපැරණිභාවය පෙන්නුම් කරන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් කැටයම් කලාව ලංකාවේ ප්‍රචලිතවීමට ප්‍රථම නිර්මාණය කරන ලද සදකඩ පහනකී. විහාරස්ථාන භූමිය පුරාම පුරාවිද්‍යා ස්මාරක සහ නටඹුන් රාශියකී. විහාරස්ථානයට ඉදිරියෙන් ඇත්තේ හදපානාගල වැවයි. පසුගිය වකවානුවකදී වැවේ වැව් බැම්ම කැඩි බිදි යාම නිසා එකවරම ගලා ගිය ජලය නිසා විහාරස්ථානයේ ඇති නටඹුන් සදහා විශාල හානියක් සිදුවී තිබේ. විහාරස්ථානය ඉදිරියෙන් ඇති ගල් තලාවක කටාරම් කොටන ලද ගල් ගුහා කිහිපයකී. පඩිපෙලක් සහ ගල මුදුනේ කුඩා පොකුණු ද කිහිපයකී.

විහරස්ථානයේ වර්ථමාන දියුණුව විහාරාධිපති ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ සිදුවේ. විහාරස්ථානයේ ඉන්දියාවේ ආනන්ද බෝධියේ අංකුරයක් සිටුවා ඇත.


අනුරාධපුර මුල් යුගයට අයත්
සදකඩ පහණ


ගරා වැටි ඇති චෛත්‍යය

බිතු සිතුවම්

ගල් ගුහාවක්

තවත් ගල් ගුහාවක්

ගල මුදුණේ ඇති පඩි පෙල

තවත් ගල් ගුහාවක්

ගල මුදුණ

ගල මුදුණේ ඇති කුඩා පොකුණක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්
දකුණු අත පැත්තේ පෙනෙන්නේ
හදපානා ගල ජලාශයයි

කොරවක් ගලක්

ගල මුදුණේ ඇති තවත් කුඩා පොකුණක්

ගරා වැටි ඇති චෛත්‍යයේ
යුප කණුව

ගරා වැටි ඇති චෛත්‍යය

ගල් කණු

ගල් කණු

විහාරස්ථානයේ නටඹුන්වු පවුර

ආනන්ද බෝධි අංකුරය


ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස වැල්ලවාය-තණමල්විල මාර්ගයේ (A-2)මාර්ගයේ පැමිණ හදපානාගල හන්දියෙන්, හදපානාගල ජලාශය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ යා යුතුයි.

විහාරස්ථානයේ ලිපිනය:
කනබිසවාරාම රජ මහා විහාරස්ථානය,
හදපානාගල,
වැල්ලවාය.
දුරකතන අංකය: 055 3590322

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Monday, 28 January 2013

කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් විහාරස්ථානයකී, කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරස්ථානය. මෙම විහාරස්ථානය වැල්ලවාය නගරයට ආසන්නව උස් ගල් තලාවක් ආශ්‍රිතව පිහිටා ඇත. වලගම්බා රාජ්‍ය සමය දක්වාම පැරණි යැයි පැවසේ.

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස, වැල්ලවාය-බුත්තල මාර්ගයේ යා යුතුයි. වැල්ලවාය  නගරයේ සිට, බුත්තල  මාර්ගයේ කිලෝ මීටර් 2  1/2 පමණ ගිය තැන හමුවන

 වීරසේකර ග්‍රාමයේ (වරුණගම) මෙම විහාරස්ථානය පිහිටා ඇත. මාර්ගයේ (වැල්ලවාය සිට යාමේදී) දකුණු අත දීශාවට ඇති කොටවෙහෙර ගල පුරාණ ගල්ලෙන් විහාර මාවතේ මීටර් 200 ක් පමණ යාමේදී මෙම විහාරස්ථානයට ප්‍රවිශ්ඨ විය හැක.

විහාරස්ථානයේ චෛත්‍යය පිහිටා ඇත්තේ විහාරස්ථානය ආසන්නයේ ඇති ගල් තලාව මස්තකයේය. ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි. ගල් තලාවේ ගල් ලෙන්, කුඩා ජල කෙමන (කුඩා ජල පොකුණු) රාශියක් දැක ගත හැක.

 බුදු මැදුර, බෝධිය විහාරස්ථානයේ වැදගත් අංගයන්, සහ ඉපැරණි වලගම්බා සමයට අයත් කිරිගරුඩ පිළිමයක්ද විහාරස්ථානය සතුයි.

විහාරස්ථානය ආසන්නයේම වැවක්ද දක්නට ලැබෙන අතර වැවයි, දාගැබයි සංකල්පය මෙයින් මොනවට ගම්‍යමානවේ.

 විහරස්ථානයේ ලිපිනය:
කොටවෙහෙරගල පුරාණ ගල් ලෙන් විහාරස්ථානය,
වීරසේකර ගම
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.28 දිනයි.

ඉතා අපහසුවෙන් ගල් තලාව මතට තරණය කල යුතුයි

බෝධි වෘක්ෂය

වලගම්බා සමයට අයත්
 කිරිගරුඩ පිළිමය

කුඩා ජල කෙමනක්
 (කුඩා ජල පොකුණක්)


බුදු මැදුර

ගල් තලාව මුදුනට,
විහාරස්ථානය පෙනෙන අයුරු

Tuesday, 8 January 2013

බුදුරුවාගල රජ මහා විහාරය - වැල්ලවාය

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, බුදුරුවා ගල පිහිටා ඇති අතර, මේ ආසන්නයේ බුදුරුවාගල පිළිම, බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය සහ බුදුරුවාගල ජලාශය පිහිටා ඇත.



බෝධි වෘක්ෂය

පැරණි කුරක්කන් ගලක කොටසක්

පුරාණ මැටි භාණ්ඩ කොටස්

පුරාණ මැටි භාණ්ඩ කොටස්

කැටයම්ක් සහිත මැටි පුවරුවක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012/12/30 දිනයි.

Sunday, 6 January 2013

බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය - වැල්ලවාය


බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය
 බුදුරුවාගල සුප්‍රසිද්ධ පිළිම පිහිටා ඇත්තේ වැල්ලවාය නගරයේ සිට තණමල්විල දෙසට යාමේදී කිලෝමීටර් 4 ක් පමණ පැමිණි තැන හමුවන බුදුරුවාගල හන්දියෙන් වමට ඇති මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ යායුතුයි. ඒ යන අතරතුර බුදුරුවා ගල පිළිම වලට ප්‍රවිශ්ඨවීමට ප්‍රථම මෙම බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය හමුවේ. 

උස්වු වේදිකාවක් මත
 හතරැස්වු කොටුවක් මත
 ඉදිකර ඇති චෛත්‍යය
 උස්වු වේදිකාවක් මත හතරැස්වු කොටුවක් මත ඉදිකර ඇති චෛත්‍යයකී. දැනට ගරා වැටි පුරා විද්‍යායා දෙපාර්තමේන්තුව මගින් පදා ගෙන තහවුරු කර ඇත. ඊට අමතරව අවට විහාර සංකීර්ණයක නටඹුන්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

ගල් උළුවස්සක්

චෛත්‍යයේ යූප කණුව

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

කොරවක් ගල්

සදකඩ පහණක්