Showing posts with label Dagaba. Show all posts
Showing posts with label Dagaba. Show all posts

Saturday, 1 December 2012

Lankaramaya - Anuradhapura

ලංකාරාමය - අනුරාධපුරය

වලගම්බා රජතුමා විසින් ඉදි කරන ලද ස්ථුපයකී, අනුරාධපුරයේ පිහිටි ලංකාරාමය ස්ථුපය. මෙම ස්ථුපය වටදාගෙයක ආකාරයට තිබුණේ යැයි වටේට ඇති ගල් කණු සාක්ෂි දරයි. මෙම චෛත්‍යය විෂ්කම්භය අඩි 132 ක් වු වේදිකාවක් මත ඉදි කර ඇති අතර චෛත්‍යයේ විෂ්කම්භය අඩි 45 කී. මළුවේ උස අඩි 10 කී. පුරාතනයේදී මෙම චෛත්‍යය "ශීලසෝබන කණ්ඨක චෛත්‍යය" ලෙසින්ද හදුන්වා ඇත. මෙම ලංකාරාම ස්ථුපය ආසන්නයේ විශාල ප්‍රමාණයේ "ඇත් පොකුණ" නම් පොකුණක්ද ඇත.

බෝධිඝරයේ මුරගලක්
 වලගම්බා රජුගේ පළමුවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු රටේ සතුරු ආක්‍රමණ වැඩිවුයෙන් රජු සොලින්ට බියේ පැන ගියේය. එසේ පැන යන අවස්ථාවේ තම අශ්වර්යේ සෝමා දේවිය ඇතුළු කිහිප දෙනෙක් වුයෙන්, අශ්වර්යෙහි බර සැහැල්ලුවීම සදහා "සෝමා දේවිය" (එවකට ලංකාරාමය ඉදි කර තිබුනේ නැත) අද ලංකාරාමය ඉදිකර ඇති බිමේදී අශ්වරියෙන් බැස්සේය. පසුව වලගම්බා රජුගේ දෙවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු සෝමා දේවිය සිහිවීම පිණිස ලංකාරාමය නම්වු මෙම චෛත්‍යය ඉදි කරන ලදී.

මෙම චෛත්‍යය පුරාණයේදී, සෝමාරාමය, මණිසෝමාරාමය, ශීලා සෝබන කණ්ඨක චෛත්‍යය යන නම් වලින් හදුන්වා ඇත.

බෝධිඝරය
 ලංකාරාමය වටදාගෙයක ආකාරයට සාදා ඇත්තේ කණ්ඨතිස්ස රජතුමා නිසිනි. (ක්‍රි: ව: 167 - 186).

කැණිම් වලින් ලංකාරාම ස්ථුපය ආසන්නයේ පැරණි බෝධිඝරයක් සොයාගෙන ඇත. එසේම පැරණි වැසිකිලි හා කැසිකිලි ගල් ද සොයාගෙන ඇත.

බෝධිඝරය

ලංකාරාම දාගැබ

සිරිපතුල් ගලක්

සිංහ කැටයම්ක්

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ ඉදිරියේ ඇති ගල් උළුවස්ස

ලංකාරාම දාගැබ

වැසිකිලි ගලක්

ලංකාරම දාගැබේ ගල් කණු

කැසිකිලි ගලක්


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දින සහ 2010. ජුනි මස 01 දිනයි.
Updated on 2013.04.20

Sunday, 12 August 2012

Muthiyangana Raja Maha Viharaya - Badulla

මුතියංගන රාජ මහා විහාරය - බදුල්ල

විහාර ගෙය සහ චෛත්‍යයය
 ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරයේ පස්සර පාරට යාබදව මෙම මුතියංතන රාජ මහා විහාරස්ථානය පිහිටා ඇත. මෙම මුතියංගන විහාරස්ථාන භූමියේ ඉතිහාසය බුදු රජාණන් වහන්සේගේ ජිවමාන කාලය දක්වාම පැරණිය.
දෙතිස් ඵල රුහ බෝධි
 ප්‍රාකාරයේ ඇති
 කුඩා චෙචත්‍යයක්

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අට වන වර්ෂයේ වෙසක් පොහෝ දිනක, තුන් වන වර ශ්‍රී ලංකාවට වැඩිය අවස්ථාවේ දී, ප්‍රාදේශිය පාලකයෙකු වු ඉන්දක දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ මුතියංගන රාජ මහා විහාරස්ථානයේ දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ රහතන් වහන්සේලා 500 නමක් සමග නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි සිද්ධස්ථානයක් බව සමන්ත පාසාදිකාව නම් ග්‍රන්ථයේ සදහන් වෙතත්, මෙම සිදුවීම මහා වංශයේ හෝ පුජා වලියේ හෝ සදහන් නොවීම ගැන අධ්‍යයනයක් කල යුතුවේ.

සත් සති විහාර මන්දීරය
 මුතියංගන රාජ මහා විහාරස්ථානය, සොලොස්මස්ථාන වලින් එකකී. සොලොස්මස්ථාන වලින් 7 වන ස්ථානය හිමි වන්නේ මුතියංගනයටයි. ප්‍රථම සොලොස්මස්ථාන 7 පිලිවෙලින් මේසේය; මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාදය, දිවාගුහාව, දීඝවාපිය, සහ මුතියංගනය.


දෙතිස් ඵල රුහ බෝධිය
සහ
බෝධි ප්‍රකාරය
 මුතියංගනය රාජ මහා විහාරස්ථානයේ ඇති චෛත්‍යයේ බුදු රජාණන් වහන්සේගේ මුතු බවට පත්වු දහඩිය බිංදු නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට බුද්ධ ධර්මය පැමිණියා සේම බුදු රජාණන් වහන්සේ පිට දුන් බෝධියේ එනම්, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් මහින්ද මහා රහතන් වහන්සේගේ නැගනිය වු සංඝමිත්තා රහත් භික්ෂුණින් වහන්සේ විසින් රැගෙන එන ලදුව, 

ආනන්ද බෝධිය
 ශ්‍රී ලංකාවේදි පැළවුණු දෙතිස් ඵල රුහ බෝධියක්, දේවානම්පියතිස්ස රජු විසින් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයට පුජා කරන ලදුව අදත් එම බෝධින් වහන්සේ විරාජ මානව ජීවත්වේ. එම දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේගේ ආරක්ෂාවට සාදා ඇති බෝධිඝරය ද ඉතා පැරණි වුත් අලංකාර වුත් බෝධිඝරයකී.

මලිය දේව  බෝධිය
 මෙම දෙතිස් ඵල රුහ බෝධියට අමතරව ඉන්දියාවේ ජේතවනාරාමයේ රෝපණය කර ඇති ආනන්ද බෝධින් වහන්සේගේ අත්තකින් පැල කරන ලද ආනන්ද බෝධියක්ද මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත. එසේම, මෙම දෙතිස් ඵල රුහ බෝධිය හා ආනන්ද බෝධිය යන බෝධින් දෙනමට අමතරව මලිය දේව මහා රහතන් වහන්සේ ඡ චක්ක සුත්‍රය දේශනා කරන ලද ස්ථානයේ රෝපිත මලිය දේව නම් බෝධියක්ද මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇත.


තොරණ
මෙම විහාරස්ථානයේ ඇති තොරණ, දුර්ලභ ගණයේ තොරණකී. ඉහලම තලයේ සමාධියෙන් වැඩ සිටින බුද්ධ පිළිමයකී. මොණර රූප දෙකක්, ගව රූප දෙකක්, සිංහ රූප දෙකක් ආදි වශයෙන් සෙසු ඒවා වේ.





මෙම විහාරස්ථානයේ පහත අංගයන්ගෙන් සමන්විතයි.
1. චෛත්‍යය
2. සත් සති විහාර මන්දීරය
3. දෙතිස් ඵල රුහ බෝධිය
4. දෙතිස් ඵල රුහ බෝධි ඝරය
5. බුදු මැදුරු 3යි. ( සත් සති විහාර මන්දීරය,
6. ධර්ම ශාලාව
7. ආනන්ද බෝධිය
8. මලිය දේව බෝධිය
9. 28 බෝධින් වහන්සේලා


චෛත්‍යය
මුතියංගන රාජ මහා විහාරස්ථානයට දේවානම්පියතිස්ස රජු, ජෙට්ඨතිස්ස රජු, ධාතුසේන රජු, මහා විරජබාහු රජු, මහා පරකුම්බාහු රජු, දෙවන රාජසිංහ රජු සහ ප්‍රාදේශිය රජ වරු, යන රජ වරුන්ගේ පිහිට, ආධාරය, උපකාරය හා ආරක්ෂාව ලැබි තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012 අගොස්තු මස

2011 වෙසක් පොහොය දිනයේ මෙම විහාරස්ථානයේ පැවැත්වුනු සර්වඥ ධාතු පෙරහැරේ මා විසින් (ඉන්දක කරුණාදාස) ගන්නා ලද ඡායාරූප වල දේවියන්ගේ ඡායාවන් සහිත විනිවිද පෙනෙන වෘතාකාර වස්තුන්ගේ ඡායාරූප දැක බලා ගැනීම සදහා www.dewathaeli2.blogspot.com