Showing posts with label Anuradhapura. Show all posts
Showing posts with label Anuradhapura. Show all posts

Sunday, 5 May 2013

ශ්‍රී මහා බෝධිය - අනුරාධපුරය

ශ්‍රී මහා බෝධියේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී මිහිදු මහා රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන එන ලදී. එයට සමගාමීව සිඝ්‍රයෙන් ජනතාව බුද්ධ ධර්මය වැලදගෙන මහනදම් පිරීම ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ මෙහෙනි සසුන ව්‍යාප්ත කිරිමේ අවශ්‍යාතාවය දේවානම්පියතිස්ස රජතුමා විසින්, මිහිදු  මහා රහතන් වහන්සේට දන්වන ලදුව, මිහිදු මහා රහතන් වහන්සේ ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත පණිවිඩයක් යවා තම නැගණිය වු රහත් සංඝමිත්තා තෙරණිය මෙහි එවන ලෙසට දන්වා යැවිය.

ශ්‍රී මහා බෝධියේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඉන්දිය ධර්මාශෝක රජු රහත් සංඝමිත්තා තෙරණිය සහ බුදු රජණන් වහන්සේ බුදුවීම පිණිස පිට දුන් බෝධි‍යේ දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රී ලංකාව වෙත එවන ලදී.

එසේ එවන ලද බෝධින් වහන්සේ උත්සවාකාරයෙන් දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුරයේ මහා මේඝ වනයෙහි රෝපණය කරන ලදී. එම බෝධිය අදත් අනුරාධපුරයේ මහා මේඝ උයනෙහි විරාජ මානව වැඩ සිටියි. (එම බෝධිය, දැනට ලෝකයේ ඇති ආගමික කාර්යයන් සදහා භාවිතයට ගැනෙන පැරණිතම වෘක්ෂයද වේ.)

පරිවාර බෝධියක්
ශ්‍රී මහා බෝධිය මාලක 3 කින් සමන්විත මළුවක රෝපණය කර ඇත. වැලි මළුව, පහල මළුව සහ උඩ මළුව වශයෙන් එය හැදින්වේ. වැලි මළුවේ පරිවාර බෝධින් 41 ක් සහ උඩ මළුවේ පරිවාර බෝධින් 3 ක් ද රෝපණය කර ඇත.
බෝධින් වහන්සේගේ ආරක්ෂාව පිණිස වැලිමළුව වටා ඉදි කර ඇති හතරැස් ප්‍රාකාරය කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යා සමයේදී පුජ්‍ය ඉලුපන්දෙණියේ අත්තදස්සී හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉදි කරන ලද්දකී.
ශ්‍රී මහා බෝධිය



පරිවාර බෝධියක්

වැලිමළුව වටා ඇති හතරැස් ප්‍රාකාරය


ශ්‍රී මහා බෝධිය


ශ්‍රී මහා බෝධිය

ඡායාරූප රාත්‍රි 2013.04.07
               දහවල් 2011.06.06 දින ගන්නා ලදී.

Monday, 29 April 2013

රතන ප්‍රාසාදය - අනුරාධපුරය

රතන ප්‍රාසාදයේ ගල් කණු
 රතන ප්‍රාසාදය නමින් හැදින්වෙන නටඹුන් වු ගොඩනැගිල්ල අභයගිරිය විහාරයේ උපෝසථාගාරයයි. කණ්ෂ්ඨතිස්ස (ක්‍රි:ව: 164 - 192) නම් රජතුමා විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රථමයෙන් සාදා ඇති අතර දෙවන මහින්ද රජු විසින් රතන ප්‍රාසාදය විශාල කර, රන් ආලේපිත බුදු පිළිමයක් මෙහි ස්ථාපනය කර ඇත.

චොළ හා පාණ්ඩි ආක්‍රමණ නිසා විනාශයට පත්වු රතන ප්‍රාසාදය දෙවන සේන රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ඇත.

රතන ප්‍රාසාදයේ ගල් කණු
 මෙම ගොඩනැගිල්ලට පිවිසෙන ද්වාරය ආසන්නයේ ඇති මුරගල දැනට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති විශිෂ්ඨතම මුරගලයි.
රතන ප්‍රාසාදය

රතන ප්‍රාසාදයේ ගල් කණු

ශ්‍රී ලංකාවේ සොයාගෙන 
ඇති විශිෂ්ඨතම මුරගල

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Saturday, 20 April 2013

මිරිසවැටිය දාගැබ - අනුරාධපුරය


මිරිසවැටිය දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකී. මිරිසවැටිය දාගැබ ඉදි කිරිමට හේතු පාදක වුයේ, දුටුගැමුණු රජතුමා තිසා වැවේ දිය නෑමට ගිය අවස්ථාවකදී තම "ජය කුන්තය" වර්තමානයේ මිරිසවැටිය දාගැබ ඇති ස්ථානයේ ආරක්ෂාව සහිතව තබා දිය නෑමට ගියේය.

දිය නා අවසානයේ යාමට සරසෙත්ම "ජය කුන්තය" නැවත රැගෙන යාමට උත්සාහ කලත් එය නොහැකිවුයේය. ඒ නිසා එය වට කොට දාගැබක් ඉදි කලේය. ඒ මිරිසවැටිය දාගැබයි.

එනමුත් දාගැබ "මිරිසවැටිය" වුයේ රජු  (දුටුගැමුණු රජු) යමක් ආහාරයට ගැනීමට පෙර එය භික්ෂුන්ටත් පුජා කර පසුව තමා ආහාරයට ගැනිමේ පුරුද්දක් තිබුමුත්, රජු අසනීපව සිටි අවස්ථාවක මිරිස් හොද්දක් භික්ෂුන්ට පුජා නොකොට අනුභව කිරිමේ වරදට සමාව ගැනීම පිණිස මෙම දාගැබ මිරිසවැටිය යැයි නම් කර ඇත.


පවුර
පැරණි චෛත්‍යය වටකොට බදින ලද චෛත්‍යය 1987 දී කඩා වැටුණු අතර නැවත ඒ වටා ඉදිකරන ලද වර්තමාන චෛත්‍යය දැකබලාගත හැක. එහි උස අඩි 192 කී.
මිරිසවැටිය දාගැබ

ගල් කැටයමක්

සිරිපතුල් ගලක්

ගල් කැටයමක්

ඇත් කැටයමක්


වාහල්කඩේ ඇති සිංහයාගෙන්
 නිරුපණය වන්නේ උතුරු දිශාවයි

පැරණි කොටස් පෙනෙන ලෙස
 සංරක්ෂණය කර ඇති අයුරු

පැරණි කොටස් පෙනෙන ලෙස
 සංරක්ෂණය කර ඇති අයුරු
සහ චෛත්‍යයේ වාහල්කඩ

මිරිසවැටිය චෛත්‍යය සහ
චෛත්‍යයේ වාහල්කඩ

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Friday, 19 April 2013

දක්ඛිණ දාගැබ - අනුරාධපුරය

දුටුගැමුණු රජතුමාගේ දේහය ආදාහනය කල ස්ථානයේ ඉදි කරන ලද දාගැබ දක්ඛින දාගැබයි. මෙම දාගැබෙහි කරන ලද කැනිම් වලින් සොයා ගන්නා ලද භෂ්මාවශේෂ, කාලනිර්ණය මගින් දුටුගැමුණු රජතුමාගේ බව හදුනා ගෙන ඇත.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර ඉදිකරන ලද්දේ කුඩා දාගැබකී. වලගම්බා රජුගේ ඇමැතියකු වු උත්තිය විසින් එම කුඩා දාගැබ විශාල කර දාගැබක් බදවා ඇත.

1946 දී පමණ මෙම ස්ථානයේදී සොයා ගන්නා ලද බ්‍රාශ්මිය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියක "දකිණි වෙහෙර" යැයි සදහන්ව ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Wednesday, 17 April 2013

බෝධිඝරය සහ සමාධි බුදු පිළිමය - අනුරාධපුරය

බෝධිඝරය
අභයගිරිය මහා විහාර සංකිර්ණයට අයත් බෝධිඝරයක සිව් දිශාවන්හි පිහිටුවා තිබු බුදු පිළිම වලින් උතුරු දිශාවට මුහුණ ලා ඇති බුදුරුව සමාධි බුදු පිළිමය වශයෙන් හදුන්වයි. උස අඩි 7යි අගල් 3 කී.

කැඩි බිදි විනාශව තිබු මෙම පිළිමය 1880 වර්ෂයේදී සොයා ගන්නා ලදී. ඇස් සදහා මැණික් ඔබ්බවා තිබෙන්නට ඇතැයි විශ්යාස කෙරේ.

බෝධිඝරය
බෝධිඝරය වටා තිබු අනෙක් පිළිම විනාශවී ගොස් ඇත.
බෝධිඝරය සහ සමාධි පිලිමය

බෝධිඝරය

බෝධිඝරය

සමාධි බුදු පිළිමය 

සමාධි බුදු පිළිමය 

සමාධි බුදු පිළිමය 

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

සමාධි පිළිමයේ පැරණි ඡායාරූපයක්
අන්තර් ජාලය ඇසුරෙනි.

Saturday, 1 December 2012

Lankaramaya - Anuradhapura

ලංකාරාමය - අනුරාධපුරය

වලගම්බා රජතුමා විසින් ඉදි කරන ලද ස්ථුපයකී, අනුරාධපුරයේ පිහිටි ලංකාරාමය ස්ථුපය. මෙම ස්ථුපය වටදාගෙයක ආකාරයට තිබුණේ යැයි වටේට ඇති ගල් කණු සාක්ෂි දරයි. මෙම චෛත්‍යය විෂ්කම්භය අඩි 132 ක් වු වේදිකාවක් මත ඉදි කර ඇති අතර චෛත්‍යයේ විෂ්කම්භය අඩි 45 කී. මළුවේ උස අඩි 10 කී. පුරාතනයේදී මෙම චෛත්‍යය "ශීලසෝබන කණ්ඨක චෛත්‍යය" ලෙසින්ද හදුන්වා ඇත. මෙම ලංකාරාම ස්ථුපය ආසන්නයේ විශාල ප්‍රමාණයේ "ඇත් පොකුණ" නම් පොකුණක්ද ඇත.

බෝධිඝරයේ මුරගලක්
 වලගම්බා රජුගේ පළමුවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු රටේ සතුරු ආක්‍රමණ වැඩිවුයෙන් රජු සොලින්ට බියේ පැන ගියේය. එසේ පැන යන අවස්ථාවේ තම අශ්වර්යේ සෝමා දේවිය ඇතුළු කිහිප දෙනෙක් වුයෙන්, අශ්වර්යෙහි බර සැහැල්ලුවීම සදහා "සෝමා දේවිය" (එවකට ලංකාරාමය ඉදි කර තිබුනේ නැත) අද ලංකාරාමය ඉදිකර ඇති බිමේදී අශ්වරියෙන් බැස්සේය. පසුව වලගම්බා රජුගේ දෙවන රාජ්‍යාප්‍රාප්තියෙන් පසු සෝමා දේවිය සිහිවීම පිණිස ලංකාරාමය නම්වු මෙම චෛත්‍යය ඉදි කරන ලදී.

මෙම චෛත්‍යය පුරාණයේදී, සෝමාරාමය, මණිසෝමාරාමය, ශීලා සෝබන කණ්ඨක චෛත්‍යය යන නම් වලින් හදුන්වා ඇත.

බෝධිඝරය
 ලංකාරාමය වටදාගෙයක ආකාරයට සාදා ඇත්තේ කණ්ඨතිස්ස රජතුමා නිසිනි. (ක්‍රි: ව: 167 - 186).

කැණිම් වලින් ලංකාරාම ස්ථුපය ආසන්නයේ පැරණි බෝධිඝරයක් සොයාගෙන ඇත. එසේම පැරණි වැසිකිලි හා කැසිකිලි ගල් ද සොයාගෙන ඇත.

බෝධිඝරය

ලංකාරාම දාගැබ

සිරිපතුල් ගලක්

සිංහ කැටයම්ක්

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ

ලංකාරාම දාගැබ ඉදිරියේ ඇති ගල් උළුවස්ස

ලංකාරාම දාගැබ

වැසිකිලි ගලක්

ලංකාරම දාගැබේ ගල් කණු

කැසිකිලි ගලක්


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දින සහ 2010. ජුනි මස 01 දිනයි.
Updated on 2013.04.20