Showing posts with label Haliela. Show all posts
Showing posts with label Haliela. Show all posts

Wednesday, 30 January 2013

ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරය - වරකාදණ්ඩ - හාලිඇල්ල

 මෙම විහාරස්ථානය ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය. මෙම විහාරස්ථානයට පිවිසිම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ දුවනගිරිය හංදිය (වරකාදණ්ඩ හංදිය) වෙත පැමිණ, එහි ඇති වරකාදණ්ඩ මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ යාමේදී හමුවේ. නාගසක් සහිත විශාල  බෝධි වෘක්ෂයක් මුලික කර ගෙන මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. චෛත්‍යය ගොඩනැගිල්ලක ඉහල මාලයේ ඉදිකර ඇත.



බුදු මැදුර

චායාරූප ගන්නා ලද්දේ 2013.01.30 දිනයි.

Thursday, 25 October 2012

Bogoda Raja Maha Viharaya - Haliela

බෝගොඩ රජ මහා විහාරය - හාලිඇල


බෝගොඩ රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,
සැතපෙන පිළිමය
ජගුල්ල නම් ගමෙහි අලංකාර මිටියාවතක් අසලයි. ශ්‍රී ලංකාවේ එක් කාල පරිච්ජේදයක සාඩම්බර ඉතිහාසය කියාපාන එක් සාධකයකී.

මෙම විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ වලගම්බා රජු සොලීන්ට බියෙන් සැගව සිටියේ යැයි ජනප්‍රවාදයේ සදහන්ය. මෙම විහාරස්ථාය ඉදිරියෙන් ඇති ගොල්ලන්දා ඔය හරහා ඉදිකර ඇත්තේ වහලයක් සහිත ලී පාලමකී. මෙම ලී පාලම බෝ‍ගොඩ ලී පාලම වශයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

බිතු සිතුවමක්
එසේම මෙම විහාරස්ථාන භූමියේ ඇති උමගයකී. මෙම උමගය දෝව රජ මහා විහාරයේ ඇති රාවණා උමගයටද, කන්දේ විහාරයේ ඇති ( කරදගොල්ල - ඇල්ල)  ඇති උමගයටද, රාවණා ඇල්ලේ ඇති උමගයටද සම්බන්ධව ඇතැයි ජනප්‍රවාදයේ සදහන්ය.

රහස් දොරටුවක්
මෙම උමගයට උඩින් සහ බෝගොඩ ලී පාලමට ඉදිරියෙන් ඇත්තේ බෝගොඩ රජ මහා විහාරස්ථානයේ විහාරගෙයයි.


බෝගොඩ විහාරස්ථානයේ, විහාරය තුල ගලින් නෙලන ලද දේව රූපයක් ඇත. එය නිල් වර්ණයෙන් වර්ණාලේපිතයි.  එය විෂ්ණු දෙවියන්ගේ පිළිමයකී. මෙම පිළිමය පිහිටා ඇත්තේ සැතපෙන පිළිමයට පිටු පසින් වන නිසා මෙම සැතපෙන පිළිමය නෙලිමට පෙර මෙම විෂ්ණු දේව රූපය නෙලන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කරඩුව
මෙම පිළිමය සැතපෙන පිළිමය ආසන්නය දක්වාම ඇති මුත්, ප්‍රතිමාව අප්‍රකට බැවින් එයින් දැක බලා ගත හැක්කේ හිස සහ පපු ප්‍රදේශය පමණි.


සැතපෙන පිළිමය දහ අට රියන් සැතපෙන පිළිමයකී. මෙය මැටියෙන් කරවන ලද බුදු පිළිමයකී. සැතපෙන පිළිමයට වම් පසින් ආනන්ද හිමියන්ගේ යැයි පැවසෙන පිළිමයකී.




මකර තොරණ
බෝගොඩ විහාරයේ පිළිම ගේය තුලම ඇති මකර තොරණ යට හිදි බුදු පිළිමයකී. මෙම පිළිමය මතුරා සම්ප්‍රදායට නෙලන ලද සමාධි පිළිමයකී. ( මේ ආකාරයට ඇති මකර තොරණ යට පිළිමයක් රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානයේද ඇත.)
රජකුගේ ප්‍රතිමාවක්
සැතපෙන පිළිමයෙහි සිරස ලග ඇති කුඩා ‍දෙරටුවෙන් ඇතුළුවු පසු දක්නට ලැබෙන පිළිමය, විහාරස්ථානයේ ආරම්භක නාහිමියන් වන මුප්පනේ ධම්මානන් හිමියන්ගේ බව පැවසේ.  විහාර ගේ අලංකාර බිතු සිතුවමින් බිත්ති සහ පියස්ස සරසා තිබේ. මෙම විහාරස්ථාන භූමියේ බ්‍රාහ්මිය අක්ෂරයෙන් ලියන ලද සෙල් ලිපි තුනකී.

සෙල් ලිපියක්
1929 දී බෝගොඩ රජ මහා විහාරයේ නාහිමියන් වශයෙන් පත්වු සුමංගල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කිහිපයක් කර ඇත. ඒ අතර ගලින් ඉදිරියට කාමරයක් තනවා, විහාරගෙයි බිත්ති අව්වැසි ආදියෙන් ආරක්ෂා වන ලෙස තනා ඇත.


එසේම බෝගොඩ විහාරස්ථානයේ ඇති පැරණි සංඝාවාසය මැද මිදුල සහිත සංඝාවාසයක් වන අතර, දැනට බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි වී ඇති පැරණිම සංඝාවාස වලින් එකකී.



විෂ්ණු දේව ප්‍රතිමාව
විශාල බෝධි වෘක්ෂයක් විහාරස්ථානයට ඉහලින් ඇති අතර, දැනට මෙම විහාරස්ථාන‍ය සතුව චෛත්‍යයක් නොමැති අතර අඩි 3ක් උස අගල් 15 පළල කරඩුවක් නිසා මෙම අඩුව තාවකාලිකව හෝ මගහැරී යයි. එසේම අඩ් 20 ක් පමණ පොළොව අභියන්තරයේ ඉතා පැරණි දාගැ‍බේ අත්තිවාරම ඇතැයි විශ්වාස කරනු ලැබේ.

www.malmiart.blogspot.com/2012/05/blog-post_28.html යන වෙබ් අඩවියේ පලවි තිබු  ජන කවියක් මෙසේය,
ගලින් කොටලයි බෝගොඩ        ගුහාවේ
සියළු සතුන් ඇදලා නෙත            නුරාවේ
බෝගොඩ යන්න මගේ හිත කල්පනාවේ
සැවොම යමව් බෝගොඩ      වන්දනාවේ.

විහාරස්ථානයේ ලිපිනය:
බෝගොඩ රජ මහා විහාරය,
ජගුල්ල,
හාල්ඇල.

මෙහි ඇති ඡායාරූප 1988.05.23 දින සහ 2012.09.26 දින ගන්නා ලද ඒවාය


පුරාණ වැසිකිලියක
 නටබුන්

උමගය

විහාර ගේ

බෝගොඩ ලී පාලම

බෝධි වෘක්ෂය