Showing posts with label Statues. Show all posts
Showing posts with label Statues. Show all posts

Tuesday, 27 November 2012

Buduruwagala Statue - Wellawaya

ලෝකයේ උසම බුදු පිළිමය වු බුදුරුවාගල පිළිමය
 - වැල්ලවාය

බුදුරුවා ගල පිහිටා තිබෙන්නේ ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. වැල්ලවාය සිට තණමල්විල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 10 ක් පමණ ගිය විට හමු වන බුදුරුවාගල හංදියේ ඇති බුදුරුවාගල කෞතුකාගාරය ආසන්නයේ ඇති මාර්ගයේ (බුදුරුවාගල වැව මාර්ගයේ) ගිය විට බුදුරුවා ගල පිළිමය ආසන්නයට ප්‍රවිශ්ඨවිය හැක.

1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්
බුදුරුවා ගල පිළිමය 2012 දී
බුදුරුවාගල ඓතිහාසික ස්ථානය කැලයෙන් වැසි තිබි නැවත සොයා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ  සේවය කල ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසිනි. ඒ 1924/1925 කාලයේදීය. 1963 දී සෙනරත් පරණ විතාන මහතාද බුදුරුවාගල සොයා ගැනීමේ ගෞරවය ආර්. එල් බ්‍රෝහියර් මහතාට හිමි වන බව පවසා ඇත. 

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම හිටි පිළිම තුනකී. එයින් උසම බුදු පිළිමය, මෙම බුදුරුවාගල පිළිමයයි. එය උසින් අඩි 50 කී. අනෙක් දෙක පිලිවෙලින් අඩි 38 ක් හා අඩි 34 කී. ඒ අවුකන බුදු පිළිමය සහ මාළිගාවිල බුදු පිළිමයයි. අවුකන බුදු පිලිමයේ දක්නට ලැබෙන මුද්‍රාවම මෙම පිලිමයේත් දක්නට ලැබේ.


1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්






අවලෝකතිෂ්වර
හෙවත්
 නාථ දෙවියන්ගේ රුව

බුදු රුවට දකුණු
පසින් ඇති මුර්ති 3

බුදුරුවාගල බුදු පිලිමය නෙලා ඇත්තේ ස්වභාවිකව පිහිටි හස්තියෙකුගේ හැඩති ගල් පර්වතයකයි. මෙම බුදු පිලිමය දෙපස එක් පසෙක පිලිම තුන බැගින් තවත් පිළිම 6 කී. මෙම හස්ති හැඩැති ගල් පර්වතයේ නෙලා ඇති මුළු පිලිම ගණන 7කී. මෙම බුදු රුවට දකුණු පසින් ඇති මුර්ති 3න් මධ්‍යයේ ඇත්තේ අඩි 20 ක් පමණ උසැති දේව රූපයකී. එම මුර්තිය දෙපස දෙවගන මුර්ති දෙකකී. මෙම දේව රූපය අවලෝකතිෂ්වර වශයෙන් හදුන්වන නාථ දෙවියන්ගේ රුව යැයි විශ්වාස කෙරේ.

බුදු පිලිමයට වම් පසින් ඇති මුර්ති 3, මධ්‍යයේ ඇති  මුර්තිය අඩි 20 ක් පමණ උස වන අතර එය රාජ කුමාරයෙකුගේ බව පැවසෙන අතර, දෙපස ඇත්තේ බිසෝවරු දෙදෙනෙකුගේ රූප බව පැවසේ.

1925 දී පමණ ගන්නා
 ලද ඡායාරූපයක්

බුදු පිලිමයට වම් පසින්
ඇති මුර්ති 3


මෙම පිලිම වලට උඩින් පිළිම වලට සමාන්තරව ඇති හතරැස් කවුලු, මෙම පිලිම අව්වැසි ආදියෙන් ආරක්ෂා වීම සදහා සෙවන ලබා දුන් පියැස්සක් තිබුණේ යැයි දරණ සාක්ෂියයි.

මධ්‍යයේ ැති බුදු පිලිමයේත්, වම් පස ඇති රජ කුමාරයාගේ පිලිමයේත්, සුදු බදාම දැනුදු දෘෂ්‍යමානවීමෙන් පෙනී යන්නේ යම්, එක්තරා කාලයකදී මෙම පිළිම සියල්ලම සියුම් කැටයම් ආදිය බදාමයෙන් පිලියම් කොට වර්ණ ගන්වා තිබෙන්නට ඇත යන සාක්ෂියයි.

Sunday, 25 November 2012

Maligawila Statue - Okkampitiya

මාළිගාවිල පිළිමය - ඔක්කම්පිටිය

මාළිගාවිල පිළිමය
ශ්‍රී ලංකාවේ ඇති හිටි පිළිම වලින් තුන්වන උසම පිළිමය, මෙම මාළිගාවිල පිළිමයයි. මාළිගාවිල පිළිමය පිහිටා ඇත්තේ, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාළිගාවිලය. ආසියාවේ ඇති ගලින් වෙන් කරන ලද විශාලතම පිළිමය මෙයයි.  මාළිගාවිල බුදු පිළිමයේ උස අඩි 37 යි අගල් 10 කී. එසේම ආධාරකයක් නොමැතිව සිටුවා ඇති පිළිම වලින් උසම පිළිමය වන්නේද මෙම මාලිගාවිල පිළිමයයි.

මාළිගාවිල පිළිමයට පිවිසෙන පියගැටපෙල පාමුල ඇත්තේ හතරැස් හැඩැති සත්ත්ව රූප සහිත හුණුගලින් නිර්මිත සදකඩ පහනකී. මෙහි තිබුනේ යැයි විශ්වාස කරන ගල් උළුවස්ස අඩි 42 ක් පමණ උසැති එකකි.


මාළිගාවිල පිළිමය
ක්‍රි:ව: 640 - 700 අතර කාලයේ රජකම් කල දප්පුල රජුගේ නාර්මාණයක් ලෙසට විශ්වාස කරනු ලැබේ. එසේම මෙම පිළිමය, පිළිම ගෙයක තිබුණු බවට සිතිය හැකි අතර, එය ගෙඩිගේ සාම්ප්‍රදායට තැනු පැරණිම පිළිම  ගෙය යැයි ද විශ්වාස කරනු ලැබේ.

මෙම පිළිමය නෙලා ඇත්තේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන හුණු ගල් විශේෂයකිනි, මෙම පිළිමය 1951 දී පමණ නැවත සොයා ගන්නා අවස්ථාව වන විටත් බිම පතිතවී තිබු අතර 1974 දී නැවත ඉද්සීමට ගත් උත්සාහය ව්‍යයර්ථ වී නැවත කැබලි කිහිපයකට කැඩිනි. පසු ගිය වක වානුවේ නිදන් සොරුන්ගෙන් සහ කාලයාගේ විපර්යාසයන්ට ලක්වී බිමට වැටි කැබලි වලට කැඩි බිදි තිබු මෙම පිළිමය, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති වු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උපදෙස් පරිදි අද පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය කර තිබේ. 

මාළිගාවිල පිළිමය
මාළිගාවිල, දඹේගොඩ බෝසත් පිළිමය ඇත්තේ ද මෙම පිළිමයේ සිට සැතපුම් 1/2 ක් දුරින් වන අතර මාළිගාවිල පිළිමය හා දඹේගොඩ බෝසත් පිළිමය වයඹ - ගිනිකොණ දිශානුගතව එකිනෙකට කැපී යන රේඛාවක පිහිටුවා ඇති බව පෙනේ.

එසේම වංශ කතා වල සදහන් වන "අරියකාර විහාරය" මාලිගාවිල බුදු පිළිමය අවට ප්‍රදේශය යැයි පුරාවිද්‍යඥයන් විශ්වාස කරන අතර, ක්‍රි:ව: 667 - 683 දී රජකම් කල අග්ගබෝධි රජු විසින් රුහුණේ අන්ධයන් හා ගිලනුන් උදෙසා රෝහලක් හා වෙහෙරක් කරවු බව සදහන්වේ. ඒ මෙම ස්ථානය බවටද විශ්වාසයක් පවතී.



ශිලාමය ස්ථම්භයක්

මුරගලක්, කොරවක් ගල,
නිල් ඊතලය - සෙල් ලිපියක්
රතු ඊතලය - වතුර පිරවිය හැකි ගල් භාජනයක්

සදකඩ පහණ

මුරගලක්

මාළිගාවිල පිළිමය 1950
 දශකයේ බිම වැටි
 තිබු අයුරු
මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)


මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)


මාලිගාවිල ව්‍යාපෘතිය 1991
උපුටා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
ww.secsl.lk  වේබි අඩවිය
(උපුටා ගැනීම 2012.12.11 දින)





මෙහි ඇති ඡායාරූප 2011 සහ 2012 වර්ෂ වලදි ගන්නා ලද ඒවාය