Showing posts with label Bandarawela. Show all posts
Showing posts with label Bandarawela. Show all posts

Sunday, 27 January 2013

ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානය - බණ්ඩාරවෙල


  බණ්ඩාරවෙල නගරයේ පිහිටා ඇති එකම බෞද්ධාගමික සිද්ධස්ථානය, ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයයි. මෙම විහාරස්ථානයට ප්‍රවිශ්ඨවීම සදහා බණ්ඩාරවෙල නගරයේ ඇති ධර්ම විජය මාවතේ පැමිණිය යුතුයි.

මෙම විහාරස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව පාලනය කරන සමයේ පිහිටුවා ගන්නා ලද විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයේ ආරම්භක හිමි නම වශයෙන් සදහන් වන්නේ ගරු කිරිගල්පොත්තේ දේවමිත්ත ස්වාමින් වහන්සේ‍ය.


 මෙම විහාරස්ථානය ආශ්‍රිතව ධර්ම විජය  පිරිවෙන නමින් පිරිවෙනක් පවත්වා ගෙන එනු ලබන අතර, 1957 දී පමණ මෙම පිරිවෙන ආරම්භ කොට ඇත්තේ  ගරු බණ්ඩාරවෙල පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ විසිනි.

එසේම විහාරස්ථානය ආශ්‍රිතව ශ්‍රී පුෂ්පාරාම දහම් පාසැල නමින්, දහම් පාසැලක්ද පවත්වා ගෙන එනු ලැබේ.


 විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානය,
ධර්ම විජය මාවත,
බණ්ඩාරවෙල.

දුරකතනය:
057 2222161
057 2224984

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.27 දින







ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන්
 විහාරස්ථානයේ පැරණි ඡායාරූපයක්

අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලද්දකී.

Thursday, 24 January 2013

චේතියරුක්ඛාරාමය - බණ්ඩාරවෙල

විහාරස්ථානයේ චෛත්‍යය
චේතියරුක්ඛාරාමය විහාරස්ථානය පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. බණ්ඩාරවෙල බිදුණු වැව නම් ස්ථානයේ (බිදුණු වැව හංදියේ) සිට මෙම විහාරස්ථානයට කිලෝමීටර් 1/4 ක් පමණවේ. විහාරස්ථානයට යාමට ඇති මාර්ගය තරමක් දුරට අප්‍රකට බැවින් බිදුණු වැව හංදියේ සිටින්නකුගෙන් මාර්ගය අසා දැන ගන්න.

විහාරස්ථානයේ බෝධිය
විහාරස්ථානයේ ලිපිනය:
චේතියරුක්ඛාරාමය,
දික්කුල්පොත,
බිදුණු වැව,
බණ්ඩාරවෙල.

දුරකතන අංකය : 057 2231651

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දිනයි.

විහාරස්ථානයේ බුදු මැදුර

Sunday, 20 January 2013

ශ්‍රී සුමංගලාරාමය - බණ්ඩාරවෙල

චෛත්‍යය
ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැවතැන්න නම් ග්‍රාමයේය. මෙම විහාරස්ථානයට ගලාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 1 1/4 ක් පමණ පැමිණි තැන හමුවන ශාන්ත තෝමස්  හන්දියෙන්, ශාන්ත තෝමස් විද්‍යලය ඇති දිශාවට යායුතුයි. ශාන්ත තෝසම් විද්‍යලය අසල සිට වැවතැන්න මාර්ගයේ කිලෝමීටර් 1/4 පමණ යැමේදී මෙම විහාරස්ථානයට ලගා විය හැක. (එසේම බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ අඹේගොඩ නම් ස්ථානයේ ඇති වැවතැන්න මාර්ගයේ පැමිණිමෙන් ද මෙම විහාරස්ථානය අසලට පැමිණිය හැක)

ලංකාතිලක අනුරූ බුදු ගේ
මෙම විහාරස්ථානයේ පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගේ ආකෘතියක් අනුව අනුරූ බුදු මැදුරක් සාදා ඇත්තේ 2012.05.28 දිනයි. එසේම මෙම විහාරස්ථානයේ අවුකන බුදු පිළිම අනුරුවක්ද නිර්මාණය කර තිබේ.

විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමංගලාරාමය
වැවතැන්න,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 057 2223027

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දින.
ලංකාතිලක අනුරූ බුදු ගේ

ලංකාතිලක අනුරූ බුදු ගේ


අවුකන අනුරූ පිළිමය

අවුකන අනුරූ පිළිමය


බෝධිය

Saturday, 19 January 2013

සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය - බණ්ඩාරවෙල

සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගයේ බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝමීටර් 2 ක් පැමිණි තැන හමු වන උඩුහුල්පොත නම් ස්ථානයේ, දකුණට ඇති මාර්ගයේ මද දුරක් ගිය විට, වම් අත පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. වර්තමානයේ වැඩ වාසය කරන ගරු කටයුතු ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්ථානයකී.

විහාරස්ථානයේ චෛත්‍යය
විහාරස්ථානයේ ලිපිනය:
සුධර්මාරාම බෞද්ධ මධ්‍යස්ථානය,
උඩුහුල්පොත,
බණ්ඩාරවෙල. 
දුරකතන අංකය: 057 2224022

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දින

විහාරස්ථානයේ බෝධිය

අළුතින් ඉදිවන පිළිම වහන්සේලා

විහාරස්ථානයේ පිළිම වහන්සේ

විහාරස්ථානයේ ඇති
දේව මූර්ති