ඓතිහාසික යුදගනාව දාගැබ සහ පිළිම ගෙය
ඓතිහාසික යුදගනාව දාගැබ සහ පිළිම ගෙය පිහිටා ඇත්තේ, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලය. බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට කිලෝමීටර් 2ක් පමණ පැමිණි පසු හමුවන යුදගනාව හංදියෙන් දකුණට හැරි තව කිලෝමීටරයක් පමණ ගිය විට යුදගනාව චුලාංගනී චෛත්‍ය සංකීර්ණයත්, තව ඉදිරියට ගිය විට වමි අත පැත්තට ඇති මාර්ගයේ අඩි 200 ක් පමණ ගිය විට ඒ, ඓතිහාසික යුදගනාව පිළිම ගෙයත්, ඒ ඓතිහාසික යුදගනා චෛත්‍යයත් දිස්වේ.
මෙම ඓතිහාසික යුදගනා භූමිය දුටුගුමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා යන දෙසෙහොයුරන් සටන් කල ස්ථානය යැයි ජන ප්‍රවාදය කියයි. මෙය "යුදගනාපිටිය" ලෙස ඒ ඓත්හාසික යුගයේ හැදින්විනි. එයට පෙර වකවාණුවක මෙම ස්ථානය " චුල අංගන පිටිය" නමින්ද හදුන්වා ඇත.
යුදගනාව චෛත්‍යයය, යුදගනාව චුලාංගනී චෛත්‍යය, අළුිතින් ඉදිවී ඇති සංඝාවාස බිම යන ඒවා ඉදිකිරිම් රජ වරුන් තිදෙනෙකුගේ ඉදිකිරිම් ලෙසට පෙනේ. (සද්ධාතිස්ස රජු, මහා පරාක්‍රමබාහු රජු, සහ මහා නාග රජු) එසේම පිළිම ගෙය මහා නුවර යුගයට අයත්ය.
යුදගනාව චෛත්‍යය ඌව පලාතේ ඇති විශාලතම දාගැබයි.
|
පොලොන්නරුවේ ඇති කොට වෙහෙරක් |
|
සංරක්ෂණ වලට පෙර පිළිම ගෙය සහ චෛත්‍යයය |
ඓතිහාසික යුදගනා දාගැබ කොට වෙහෙරක් බව කියැවේ. කොට වෙහෙරක් යනු පේසා වලලු වලට ඉහලින් චෛත්‍යය සමතලා කොට ඒ මැද කුඩා දාගැබක් ඉදිකිරිමයි. එහෙත් නුතන පුරා විද්‍යා සම්ක්ෂණ වලට අනුව සතරැස් කොටුව සහිත විශාල චෛත්‍යයක්ව පැවැති බව පුරා විද්‍ය සාක්ෂි ඇතැයි පුරා විද්‍යඥයන් පවසතී. යුදගනා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1038 යි අගල් 6 කී.
ඓතිහාසික යුදගනාව පිළිම ගෙය
මහනුවර යුගයට අයත් යැයි සැලකේ. බිත්ති සහ බුදු රුව සදා ඇත්තේ මැටියෙනි. ඇතුලත සහ පිටත බිත්ති වල චිත්‍ර ඇද ඇත. පිටත බිත්ති වල චිතු හදුනා ගැනීමට අපහසුය මෙයට හේතුව වන්නේ අව්වට සහ වැස්සට මෙන්ම කාලයාගේ ඈවෑමෙන් මෙම චිත්‍ර දුර් වර්ණ වී තිබිමයි. දොරකඩ දෙපස බලුසිංහ රූප දෙකකී, එසේම දෙරටුව දෙපස කඩු රුගත් මුරකරුවෝ දෙදෙනෙකි. පිළිම ගෙය ඇතුලත බිත්ති වල සහ සිවිලිම පුරාම අලංකාර චිත්‍ර ඇද ඇත.
|
පිළිමගේ පිටත ඇති චිත්‍ර |
|
පිළිමගේ පිටත ඇති චිත්‍ර |
|
බලුසිංහ රුපයක් |
|
කඩු රැගත් මුරකරුවෙක්ගේ රූපයක් |
|
පිළිම වහන්සේ |
|
යුදගනා චෛත්‍යය සහ පිළිම ගේ |
|
ඓතිහාසික පිළිම ගේ |
|
චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු 2012 ජුනි මස |
|
චෛත්‍යය අසල ඇති ගල් උපකරණයක් |
|
චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු 2012 ජුනි මස |