හීල්ඔය පුරාණ විහාරස්ථානය - ඇල්ල
(හීල්ඔය ශ්‍රී සුමංගල පුරාණ විහාරස්ථානය)
| බුදු පිළිම වහන්සේ |
හීල්ඔය පුරාණ විහාරස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හීල්ඔය ග්‍රාම නිළධාරි වසමේය.බණ්ඩාරවෙල නගරයේ සිට හීල්ඔය මාර්ගයේ, හීල්ඔය කඩ මණ්ඩිය අසලට පැමිණිමට පෙර ඇති සතරමං හන්දියෙන් දකුණු අත පැත්තට ඇති මාර්ගයේ මද දුරක් යා යුතුයි.
| චෛත්‍යය |
| පුරාණ සංඝාවාසය |
| පුරාණ සංඝාවාසය |
| බෝධි ප්‍රාකාරය |
විහාරස්ථානයේ චෛත්‍යය. බෝධිය, පිළිම ගෙය යන ඒවා සතරැස් පවුරකින් වටකොට සාදා තිබේ. පවුරේ පහන් තැබිමට හැකි ආකාරයට ත්‍රිකෝණාකාර කවුළු නිර්මාණය කර ඇත. පුරාණ බෝධිය, බෝධි ප්‍රාකාරයකින් වට කර ඇත. බෝධි ප්‍රාකාරයේ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 (ක්‍රි:ව: 1915) වශයෙන් සදහන් කර ඇත.
| බෝධි ප්‍රාකාරය |
පිළිමගේ දෙස දේවාල දෙකකී. පිළිමගේ හිදි පිළිමය හැර ඉතිරි සියළුම රූප මුර්තියෙන් කැටයම් කර ඇත. එසේම බිතු සිතුවම් ද ඇද ඇත. විහාර ගෙට ඇතුළු වන ද්වාරයට උඩින් ඇත්තේ මකර තොරණ නිර්මාණය කර ඇත. මුර්තියෙන් සහ චිත්‍ර වලින් මෙම විහාරස්ථානයේ වැඩසිටි ස්වාමින් වහන්සේලාගේ රූප දක්වා ඇත.
| බෝධි ප්‍රාකාරය |
මෙම විහාරස්ථානයට, ඌව පලාතට එමෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවටම මහග්‍ර සේවයක් කල, බුද්ධ ධර්මය වෙනුවෙන් තම ජිවිත කාලයම කැප කල ගරු ධර්මකිර්ති ශ්‍රී සරණපාල සුමංගල කර්මාචාර්ය අති ගෞරවාර්හ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර 2011 සැප්තැම්බර් මස 15 දින අපවත් වුහ.
| විහාර ගෙය |
| පැරණි ඝණ්ඨාර කුළුණ |
| අළුත් ඝණ්ඨාර කුළුණ |
| ධර්ම ශාලාව |
| පොහෝය ගෙය |
| ගරු මිද්දෙණියේ සරණපාල ස්වාමින් වහන්සේ |
| ගරු හීල්ඔය සුමංගල ස්වාමින් වහන්සේ |
| ගරු කිරිගල්පොත්තේ දේවමිත්ත ස්වාමින් වහන්සේ |
| මිරහාවත්තේ ජිනරතනාභිධාන නාහිමියන් වහන්සේ |
| ගරු මොරහෙල ඥණසිරි ස්වාමින් වහන්සේ |
හීල්ඔය පුරාණ විහාරස්ථානය,
හීල්ඔය,
බණ්ඩාරවෙල.
දුරකතන අංක: 057 2232517 සහ 057 3575329
ඡායාරූප ගන්නා ලද්දේ 2012.07.20 සහ 2012.10.27 දින වල
No comments:
Post a Comment